Wednesday, October 24, 2018

බිඳින්න බැරි ලෙස බැඳෙන්න



සඳටත් වැඩියෙන් ලස්සන
නුඹේ සිනා පොදක් දෙන්න
රෑ අහසේ තරු පැරදූ
දෙනෙතින් හෙමිහිට බලන්න

මල් සුවඳක් වී සියොලඟ
එතෙනා පවනේ වෙලෙන්න
හෙමින් සැරේ නුඹෙ සුසුමක
උණුසුම පා කර එවන්න

අඳුර දුරැර එළිය ගෙනෙන
රිදී කිරණ දහර වෙන්න
විහඟ තුඩක රැඳි තනුවට
මිහිරිම පද වැලක් වෙන්න

නෙලන්න බැරි දුරින් පිපී
බිඳින්න බැරි ලෙස බැඳෙන්න
විඳින්න බැරි සිහිනෙක වුව
කියන්න බැරි පෙම දකින්න

15 comments:

  1. හදේ සිහින හද පතුලෙම පිරී ඉතිරිලා ගලන්න
    උදේ දිවා හා රැයකම මතක සිහින මල් පිපෙන්න
    සඳේ සිහිල් සුවය සමග හුදෙකලාව ලඟින් ඉන්න
    ලඳේ දිනෙක හමුවෙමු අපි සෙනෙහෙ කැදැල්ලක් හදන්න....

    ලස්සනයි සඳවතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී ඒ සුන්දර පිළිතුරු කවිය වෙනුවෙන්....

      ඔන්න ඔය හතරවෙනි පදේ අදාල පුද්ගලයා කියන කම් තමයි මම මේ බලාගෙන ඉන්නෙ.

      ජයවේවා!

      Delete
  2. Replies
    1. ස්තූතියි ඉයන්...........

      Delete
  3. //නෙලන්න බැරි දුරින් පිපී
    බිඳින්න බැරි ලෙස බැඳෙන්න
    විඳින්න බැරි සිහිනෙක වුව
    කියන්න බැරි පෙම දකින්න//

    ලස්සනයි

    ReplyDelete
  4. නෙලන්න බැරිව ඈත් වෙන තරමට තමයි බැඳීම වැඩි වෙන්නෙ.
    නියමයි!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.... ස්තූතියි සදි

      Delete
  5. මගෙනුත් අැට්ටේරිය මල් මිටක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතූමාට.... සාදරයෙන් පිළිගන්නවා අහසට.....

      Delete
  6. ඔබේ කෙටි කවි හිතන්නට බොහෝ දේ ඉතිරි කරනවා . ඉඩක් ලැබුණොත් අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා මගේ කවි වල අඩුපාඩු කියන්න . ඔබේ අළුත් නිර්මාණ කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
  7. ලඳේ දිනෙක හමුවෙමු අපි සෙනෙහෙ කැදැල්ලක් හදන්න....

    අදාල පුද්ගලයා බනීද දන්නේ නෑ...

    ReplyDelete
  8. Great work dear....wish you good luck...හරිම creative & odd...like it very much😊...looking forward for your other posts👍

    ReplyDelete

බිඳින්න බැරි ලෙස බැඳෙන්න

සඳටත් වැඩියෙන් ලස්සන නුඹේ සිනා පොදක් දෙන්න රෑ අහසේ තරු පැරදූ දෙනෙතින් හෙමිහිට බලන්න මල් සුවඳක් වී සියොලඟ එතෙනා පවනේ වෙලෙන්න...