Thursday, October 11, 2018

අදින් පසු.......

හීන විතරක් මොටද තුරුළු කර මියැදෙන්න
අපේ තනිකම් අපිම මතක් කර හිනැහෙන්න
පාන නිවුණත් අඳුර එපා අහලක         එන්න
පේන දුරකින් රැඳී  හිතේ දුක          පුරවන්න

වහින වැස්සට එපා තෙමී ලය ගිනි      ගන්න
ලෙඩ දුකට සිනාසී එපා නුහුරුව           ඉන්න
බීව දිය බිඳුව වුව නුඹට අමබිඳු වෙන්න
යන එනා මග තොටක කල්පනාවෙන්  යන්න

මල් නොපිපුණත් නපුරු ගල් එපා හමුවෙන්න
සිල් ගත්තු හිතින් පෙම් මල් මලසුනේ  ලන්න
නිල් පාට ආකහේ පුරාවට හැඩ           වෙන්න
බොල් සුළගෙ හොරැහින්ම හාදුවක් තවරන්න

මත් බිගුන් රැස් කකා හිනැහේවී  සැඟවෙන්න
හිත් පතුල මත ලිව්ව මගෙ කවිය    කියවන්න
ලත් නමුදු නෙකගැහැට කඳුළු පිස හිනැහෙන්න
වත්කමයි එය මගේ හුස්ම ටික         රැකගන්න



6 comments:

සොයා යාම - දෙවන කොටස

ජායාරූපය අන්තර්ජාලයෙනි. පළමු කොටස වජ්‍ර ඉන්දික කරුණාරත්න?"  මගේ දිහාට එල්ල වුණු තුවක්කුව පහත වැටෙන අතර, පොලිස් නිල ඇඳුම් වජ්‍ර...