Sunday, December 24, 2017

වැස්ස

හැමෝම  හොඳින්  ඉන්නවද ? අධ්‍යාපන කටයුතු  නිසා බ්ලොග් පිටුව අමතක වෙලාම ගිහිං . නත්තල්  නිවාඩුවෙ වෙලාවක්  හොයාගත්තා. නත්තල් සමරන සියළුම දෙනාට සුභ  නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!  පරණ බඩු අස් කරනකොට මං දහය වසරෙදි විතර ලියපු මේ යාං හෑල්ල හොයාගත්තා . වෙලාවක්  තියෙනවනම්  කියවලා බලන්න ...



වෙලාගත් සන්තාපය
අඳුරු  මේඝ වලාවෝ
ගැටී එකටෙක
වසුන්දරාවිය මතට
හෙලයි කඳුලැල් බිඳෙන් බිඳට.....

කඳුළු හා මුසුව 
හුදෙකලාවම හමන
සීත  මඳ පවන
පාළුවෙන් මෙන් විත්
තුරු වියන් මල් උයන්
හැම වැළඳ පලා යයි................

වැස්සට තෙමුණු  මල් මත
ඉහිරුණු ඒ සන්තාපය 
වේගයෙන් ගලා බස්නා 
ගංගාවට රහස් කියයි....

කවුළුව‍ෙන් එපිට
පෙනෙන සීතල  පිරුණු වැස්සෙන් 
අඳුරු හුදෙකලාවම මිස
සොඳුරු යමක් දැකිය හැකිද?

සුදෝසුදු පුළුන් කොට්ටය
දෑතින්ම වැළඳගෙන 
යහන මත ගුලි ගැහී
නිහඬවම බොහෝ දේ පවසන
සොඳුර මට කියනු මැන.......

නුඹ  නොකීවත්
මම දනිමි එය,
මට නොපෙනෙනා සොඳුරු බව
නුඹ අත් දකින්නෙය

"ඈත අහස කළු කරලා
මහ වැහි උතුරා හැලිලා
තුරුලිය ගොමු ඒ වැස්සේ 
සතුටින් රස ගීත ගයයි"

නුඹ මට කියන්නෙය......

නුඹේ  සිහින් දිගටි මුහුණ 
කවුළුවට ළං කරන්
කාල වර්ණ නෙතු පිය නොසලා
ඒ දසුනම නුඹ  සිටියි බලා,

"විකාරද?" මම අසමි......

සන්තාපය ගංගාවට 
කී රහසම
නුඹටත් ඇසුණු විටක මෙන්
නුඹ වත අඳුරින් බොඳ වෙයි
මොහොතක්  බිම බලාන හිඳ
නුඹ  යළිත්  මා සමඟ සිනාසෙයි....

"අපි යමු මිදුලට "

එනමුදු අපි මිදුලට නොයමු
නුඹ පමණක් දිව යයි
කවුළුව ළඟ මා තනිවෙයි,

මිදුලට පැන
කිරිල්ලියක වාගේ නුඹ 
සතුටින්  ඉල්පී නටන්නෙ
රටක් රාජ්ජයක් ලැබුණ කලෙක වගෙයි,
නුඹේ නීල කෙහෙරැල් මත
හැපි හැපී ඇද හැලෙන
වැහි බිංදු දඟ කරයි......

ඒ වැස්සේ සිරිසිරියේ
වගේ වගක් නැතුව  වගේ
මිදුල පුරා  නටන නුඹේ 
පෙර නොදුටුවක් දිටිමි මම,

සුන්දරත්වය !

නුඹේ දූවිලි පැහැ කොපුල් මත 
ගැටී ගලනා අරුම වැස්සේ 
සොඳුරුතාවය
මම දකින්නෙමි

පෙර මෙන් අඳුරක් නැතුවා සේ
වැසි වැස්සද හිරු ඇතුවා සේ

නුඹේ  සිනාවෙන්  මිදුලම එළිය          වැටී
ගලා හැලෙන වැස්සේ දඟ කරන       හැටී
සිනා සිසී නුඹ මිදුලේ නටන                හැටී
නුඹට හොරෙන් ගහකොළ මල් බලා      සිටී......

හදිසියේ මතක් වූ යමක්
ඒ වැස්සෙන් නුඹ  කැඳවයි
මා අසලට
නුඹේ උණුසුම කැටි වූ
තේ උගුරක් ද රැගෙන...

සැවැන්න සුවඳ  විහිදෙන
මල් ගවුමේ දැවටී 
දිගු වරලේ තෙත් බව
තුවායෙහි අමුණා
නුඹ  සිනාසෙයි මදෙස බලමින් ,

" වැස්ස හරි සුන්දරයි "

මම කියමි....
තුරල් වී ගිය වැස්සෙ 
වැහි බිංදු එක දෙකක්
පායා එන හිරු රැසින් 
තවමත් දිලෙයි රිදී පැහැයෙන්,

එවිට නුඹ සිනාසෙයි යළි යළිත් 
තවත් වැස්සක් අරන්
පෙරටත් වඩා සොඳුරු ....


6 comments:

  1. Replies
    1. හ්ම් වැටක් ගහලා ගිහිං

      Delete
  2. වැස්සෙ තෙමිලා
    කැස්ස හැදිලා
    ගෙදර ඉදගෙන
    ලියනු අක්කා

    - ජෑ මා කාලී -

    අපේ පැත්තෙත් එන්නෝ

    ReplyDelete
  3. සඳවතිය කොහෙද අනේ මෙච්චර කල් හිටියේ... ඔන්න කියෙව්වා.. සුභ නත්තලක්

    ReplyDelete

ජීවිතයක් අරන් එන්න

සිනා පොදක් අරන් එන්න මටත් ටිකක් හිනාවෙන්න නෙත නොරැඳුණු හදේ රැඳුණු කඳුළු බිංදු පිස දමන්න වලාකුලක් අරන් ...