Sunday, July 9, 2017

කවිය




වුවමනා පමණින් 
වර්ණ ගැන්වූ
ජීවිත හැඩතල අතර,
හමා ගිය සුසුම් 
වර්ෂාවට තෙමුණු ,
මගෙම නොවන,
පෙර දිනකද නොවූ,
පසුවද නොවන,
අශිෂ්ඨ කවිය ,
 හිත් පියස්සෙන් වැගිරෙන 
ස්නේහ බිඳු අතරින් 
එක දෙකක,
ඔබෙ නමද
කෙටියෙන් ලියා ඇත.....

14 comments:

  1. අමුතුයි ඒත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් ! (පළමු කමෙන්ටුව ඉයන්ගෙන් වීම නිසා සතුටින් උඩ පනිමින් ...)

      Delete
  2. පෙළට ඇදෙන මතකේ මා හිඳියි කියා
    හිතට දැණෙන සුසුමක් මුමුණමින් ගියා
    සතුට දැණෙනු නැතිනම් තව දුරක නොයා
    නෙතට පෙනෙන මගෙ මතකය මකනු ඔයා.....

    ලස්සන කවියක් සඳවතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී ...... කවිය නම් ලස්සනම ලස්සනයි ..... ස්තුතියි ගොඩාරියක් ..

      Delete
  3. පෙළට ඇදෙන මතකේ මා හිඳියි කියා
    හිතට දැණෙන සුසුමක් මුමුණමින් ගියා
    සතුට දැණෙනු නැතිනම් තව දුරක නොයා
    නෙතට පෙනෙන මගෙ මතකය මකනු ඔයා.....

    ලස්සන කවියක් සඳවතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආයෙමත් ...

      Delete
  4. හ්ම්ම් කෙටියෙන් ලියල මකපු නම් ඕන තරම් අප්පා..

    ReplyDelete
  5. පියස්සෙන් ඇද හැලුන
    ස්නේහයට හසුව
    තෙත වැදී පුස් කාපු
    බොඳවගිය
    මගේ හිත
    යදියි අද උණුසුමක්
    අශිෂ්ඨ කවියකින්..

    ReplyDelete
  6. කෙට්යෙන් ලියා කමාවක් නොදා තිතක් තියන්න

    ReplyDelete
  7. මම කෙටියෙන් ලියපු නම හොයල බැලුවේ :p

    ReplyDelete

කවිය

වුවමනා පමණින්  වර්ණ ගැන්වූ ජීවිත හැඩතල අතර, හමා ගිය සුසුම්  වර්ෂාවට තෙමුණු , මගෙම නොවන, පෙර දිනකද නොවූ, පසුවද නොවන, ...