Saturday, July 1, 2017

නුඹ එනවද...


සුදු තඹර පෙති මත
හිමිදිරියෙ දිලි පිණි පොද
වෙන්න ආසයි මට
සබඳ නුඹ එනවද
තෙමෙන්නට 
පිණි වැස්සක 
ඒ කුසුම් පෙති මුල 
මකරන්දයෙන් නැහැවි  රොන් සුණු 
වෙන්න ආසයි මට
සබඳ නුඹ එනවද 
බඳින්නට මී
එරොන් බිඳු ගෙන
එරොන් සුණු කැටි වූ
පීත පැහැ මුදු  රේණු අතරේ 
පවන වෙනු ආසයි මට
සබඳ නුඹ එනවද
විඳින්නට 
පවනේ සුවඳ පොද

16 comments:

  1. තඹර
    පීත
    මේ වගේ වචන තියෙන්නේ කවි කතා ගීත වගේ දේවල් වල විතරයිනේ...

    පිණි වැස්සට තෙමෙන්ට නම් මට එන්ට වෙන්නේ නෑ...
    මම කැමති නෑ තෙමෙන්ට...

    ReplyDelete
    Replies
    1. තෙමෙන එකෙත් අමුතු මිහිරක් තියෙනවා . වෙලාවක ඒ අත්දැකීමත් විඳලා බලන්න .

      ස්තුතියි චතුරංග කමෙන්ටුවට

      Delete
  2. සුදු තඹර පෙති මත්තෙ පින්න සිසිලයි ළබැඳියේ
    මධු බඳිමි සෙනෙහසින් සනසවාලමි ළබැඳියේ
    මුදු පවනෙ නුඹෙ සුවය විඳින්නෙමි මා ළබැඳියේ
    පිදු සෙනේ මේ සසරෙ නුඹම පමණයි ළබැඳියේ......

    ලස්සන පද ටිකක් සඳවතී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දෙවියනේ පිළිතුරු කවියට නම් හිත ඇදිලා ගියා. එතරම්ම සුන්දරයි දුමී ... ස්තුතියි ඔබට....

      කවිත් ඇතුලත් කතාවක් ලියන්න කැමති නැද්ද ? පුංචි අදහසක්. ජයවේවා !

      Delete
    2. ස්තූතියි සඳවතිය. පිළිතුරු කවියක් ලියන්න තරම් සඳවතියගේ කවිය දැණුනා හිතට.
      ම්ම්.... කවිත් එක්ක කතාවක්! පොඩි අදහසක් ඉස්සර තිබ්බා. ඒත් කවි නිසාම කතා යටගියා. ස්තූතියි මතක් කළාට. බලමු වෙලාවක ලියන්න.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. ස්තුතියි මිතිල ....

      Delete
  4. ම්ම්ම්.... ආදරණීයයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොඳුරු මිතුරිය ....
      අර රයිටර්ගෙ කවි වලට ලියලා තියෙන පිළිතුරු කවි ටික නම් නියමයි.....

      Delete
    2. ස්තූතී ඔයාට ඒ ඇගයීමට

      Delete
  5. තෙමිල ලෙඩ හදාගන්න බෑ මේ කාලේ. ඔක්කොම ඉස්පිරිතාල ෆුල් ඩෙංගු අය නිසා.

    ReplyDelete
    Replies
    1. පිණි වැස්සට තෙමුණට අසනීප වෙන්නෙ නෑ ඉයන්. ටිකකට තෙමිලා බලන්නකෝ .....

      Delete
  6. ආදරණීයයි

    ReplyDelete
  7. ලස්සනයි හොඳේ..

    ReplyDelete

කවිය

වුවමනා පමණින්  වර්ණ ගැන්වූ ජීවිත හැඩතල අතර, හමා ගිය සුසුම්  වර්ෂාවට තෙමුණු , මගෙම නොවන, පෙර දිනකද නොවූ, පසුවද නොවන, ...