Thursday, July 6, 2017

සිහින හාදු



"නවතන්න නවතන්න මයි ඒන්ජල්...."

එහෙම කියන්නෙ ක්‍රිශ්ණන්. එයා දන්න සිංහල ! ඒ වුණාට සිංහලෙන්මයි කතාව . මං කැමති එයාගෙ ලස්සන කළු පාට හමට. ඝන උඩු රැවුලටත් කැමතියි . මුහුණෙ සුදට පෙනුණු එකම දෙය විරිත්තන කොට පේන දත් ටික .

" අනේ හරි අවංක හිනාව "

අම්මා කියන්නෙ මං දිහා අමුතුවට බලන ගමන්. මං බොරු තරහක් පෙන්නන්නෙ මං ක්‍රිශ්ණන්ට කැමති වග අම්මට නොතේරෙන්න. ඒත් අම්මා දන්නවා මගේ හිත . එයා මගේ  ගණිත ගුරුතුමාගේ පුතා . අපි ඉගෙනගත්තෙ එකම පන්තිවල. අප්පා නැති වුණාම අපි අම්මලගෙ මහ ගෙදර ආවා . ඒ නිසා කාලෙකට එයාව ඇසුරු කරන්න ලැබුණෙ නෑ. ඒත් අහම්බයකින් වගේ එයා ආයෙමත් මගේ ජීවිතේට ආවා.එයා ලඟදි මං කණාමැදිරියෙක් වගෙයි. එයාට ඉර වෙන්න බැරි වුණාට මං දන්නවා තරුවක් හරි වෙයි කියලා .

අප්පා හිටියා නම් හරි සතුටු වෙන්න තිබුණා . එහෙම වුණා නම් අපි තාමත් වැල්ලවත්තේ  ඉන්නවා . ක්‍රිශ්ණන් එක්ක එකටම හැදිලා වැඩිලා එයා ආශ්වාස ප්‍රශ්වාස කරපු සුළඟම මාත් හුස්ම ගන්න තිබුණා . ඒත් කවුද දන්නෙ එයාගෙ ප්‍රශ්වාසයක් ඈත ඉඳන් ඇවිදින් මගේ ආශ්වාසයක් බවට එකම වරක් හරි පත්වුණාද කියලා ....

👣               👣                       👣


පංචලී සිවසුබ්‍රමනියම් , ඉස්සර මගේ ක්ලාස් මේට් කෙනෙක් . එයාගෙ අප්පා ටැමිල් . අම්මා සිංහලම්. එයාලා සර්නේම් එක දානවා ඉස්සරහට තමයි. අපේ කෙනෙක් වුණා නම් එයා සිවසුබ්‍රමනියම් පංචලී . එයාගෙ නම ලස්සනයි . එයත් ලස්සනයි  ඒ වගේම. එයාගෙ සිංහල අම්මා ගොඩක් ලස්සනයි . ඒ නිසා තමා සිවසුබ්‍රමනියම් අන්කල් ආස වෙලා තියෙන්නේ . එයාලා ලව් මැරෙජ්. මාත් ආස ලව් මැරෙජ් තමයි. ඒත් මගේ අප්පා තමා ඒකට ආස නැත්තෙ .

පංචලී මට ආයෙ හම්බුණා  එච් එස් බී සී එකේ වැඩ කරන්න තමා ආවම. පොඩි කාලෙ වගේ නෙමේ. දැන් එයාව දක්කම ආස හිතෙනවා . එයා ඕනෙ හිතෙනවා .  මට ෂුවර් එයා ඒක දන්නවා . ඒ වුණත් දන්නෙ නෑ වගේ ඉන්නවා . හරි ගණන් තමා. ඒ් වුණාට මං කෝම හරි එයාවත් මට ආස කර ගන්නවා .

එයාගෙ කතා අමුතුයි . ඇස් අමුතුයි. කකුලේ තියෙන ටැටූ එකත් අමුතුයි  .අමුතුයි වචනෙ ඊයෙ තමා ඉගෙනගත්තා . සිංහල ටික ටික දන්නවා . සිංහල කතා කරන්න ආසයි. කලම්බු ඉඳලත් සිංහල බෑ කියලා  පංචලී මට හිනා වෙනවා.  එයා අම්මා වගේ පන්සල් තමා යනවා. කෝවිල් යන්න ආස නැහැ. ඔය බෙරු කියනවා. ඒකත් පිරච්චනෛ තමා. ඒ වුණත්  එයා තමා මගේ කෙනා. ආස වෙලා ඉන්නවා . මෙනවා වුණත් ඉන්නවා .


                                           👣                                👣                       👣

  අපි හරි වෙනස් කියලයි පංචලී  හැම වෙලාවෙම කියන්නෙ . අහසයි පොළවයි එකතු කරන්න බෑ වගේ කතා කියලා මගේ හිත  බිඳින්නමයි බලන්නෙ . මේ  නපුරු කෙල්ලට  මගේ හිත මෙහෙම ඇදිලා ගියෙ කොහොමද කියලා මටත් හිතාගන්න බෑ. මට වඩා අර දෙමළා ගැනයි ලොකුවට හිතන් ඉන්නෙ . දුවත් අම්මා වගේම තමයි.

අපේ හමුවීමම එයා දකින්නේ අවාසනාවක් විදිහට. එයාව හමුවුණාට පස්සෙ මං වෙනස්ම පුද්ගලයෙක් වුණා . ඒකම තමයි මං එයාට මේ තරම් ආදරය කරන්න  හේතුවත්...සඳසි මගේ ජීවිතේ ඉන්න එකයි, මට පංචලීව හිමි කර ගන්න  බැරි එකම හේතුව. සඳසි මගේ තාත්තිගෙ යාළුවගෙ එකම දුව . අපි දෙන්නගෙ විවාහය තීන්දු කරලා තියෙන්නේ ජයසිංහ අන්කල්ගෙ අන්තිම කැමැත්ත විදිහට . මේ  මිනිස්සු මැරිලාවත් අනුන්ට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. සඳසිත් බඩගිනි වෙච්ච පූසියෙක් වගේ මගේ පස්සෙන්ම වැටිලා ඉන්නවා . එයා හිතන්නේ දැනටමත් අපි දෙන්නා මැරි කරලා කියලා.

පංචලී කියන්නෙ මගෙ හිත නිවන්න පුළුවන් විදිහෙ කෙල්ලක් නෙමෙයි . ඒත් එයා ඉන්නකොට මගේ ජීවිතේ පිරිලා . එයාගෙ දඟකාර හිනාව, නවත්තන්නෙ නැති කතාව මාව මුලා කරගෙන ..... මේ හදවතේ අගට හීනියට අනින පිහිතුඩ තමයි පංචලී . පපුවේ හිස තියාගෙන සඳසි ඇඬුවත් ඒ කඳුළු ඉක්මනටම වියළිලා යයි. ඒත් පිහිතුඩේ වේදනාව හැමදාමත් දැනෙයි.

👣                  👣                   👣 


අශේන් ........  මගේ  ෆියුචර් හස්බන්ඩ් . මගේ මුළු ජීවිතේම එයා තමයි. අප්පච්චි නැති වුණාට  පස්සෙ බිස්නස් වල අප්පචිගෙ කොටසත් කරට අරගෙන කරලා සතයක්වත් අඩු නොකර ශෙයා එක අම්මට ගෙනත් දුන්නෙ  සේන අන්කල් . ඉතිං  සේන අන්කල් වගේ කෙනෙකුගේ පුතාව මැරි කරන එක තරම් වාසනාවක්  වෙන කොයින්ද? මට පුළුවන් හැම  විදියටම එයාව සතුටින් තියන එක තමයි මගේ වගකීම . නෙක්ස්ට් ඉයර් මේ වලට තමයි වෙඩින් එකේ  ඩෙට් ෆික්ස් කරලා තියෙන්නේ . එයත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න මං ඇඟිලි ගැන ගැන බලන් ඉන්නවා .

පවුලෙ එකම ළමයා වුණේ මම. අප්පච්චි අම්මවයි මාවයි අත්හැරලා දිව්‍ය ලෝකෙට ගිය දවස මට මතක නෑ. මං අම්මට කීකරු දුවෙක් වුණා . කවදාහරි අශේන්ටත් කීකරු වයිෆ් කෙනෙක් වෙනවා. එයාට කම්පනි එකේ ගොඩක් වැඩ තියෙනවා . ඉතිං මාත් ජොබ් එකක් කලොත් අපි දෙන්නගෙ ජීවිතේ සාර්ථක වෙන එකක් නෑ. ඒ නිසා මං කැමති හවුස් වයිෆ් කෙනෙක් වෙන්න . එහෙම වුණාම එයාගෙ හැමදෙයක්ම මගේම අත් දෙකෙන් කරලා දෙන්න පුළුවන් .

අශේන් කොයිතරම්  හොඳ කෙනෙක්ද කියන්නෙ එයා තාම මට කිස් එකක්වත් දීලා නෑ. මං දවසක් බලෙන්ම එයාගෙ අත අල්ලගත්ත වෙලාවෙ ඇරෙන්න අතින් වත් අල්ලලා නෑ.එයාගෙ ඒ ඩිසිප්ලීන් වලට මං ගොඩක් රෙස්පෙක්ට් කරනවා.



මතු සම්බන්ධයි .




14 comments:

  1. කිහිප දෙනෙකුගේ ඇසින් දුටු එකම කථාවක් වැනිය...
    කුමක්හෝ හේතුවකට මතකයට ආවේ “Rashomon” ය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මින්. ආදරයෙන් පිළිගන්නවා අහසට.....

      Delete
  2. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න ;-)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .ඔබේ මනස්ගාත ඉස්තරම් ....

      Delete
  3. මුලදි පොඩ්ඩක් පැටලුනා ආයෙ හිමිහිට කියෙව්වා... අනිත් ටිකත් බලමුකෝ ඉක්මනට

    ReplyDelete
    Replies
    1. හා සඳා අල්ලගන්නයි හිටියෙ . දැන්නම් නෑ ගැලවීමක් . දෙනුවන් අනුහස, මේ ප්‍රථම වසන්තයයි කතා දෙකේම ඊලඟ කොටස් ඉක්මනටම ඕනෙ .

      ස්තුතියි ....

      Delete
    2. අපොයි දෙයියනේ දෙනුවන් අනුහස ඉවර උනේ මීට අවුරුදු පහකට කලින්නේ. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් එකේ අවසානෙටම යන්න ( older post) අන්තිම ඉදන් මුලට බලන් එන්න .

      http://kavisandalla.blogspot.com/search/label/%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%84%E0%B7%83%20-%20%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80

      Delete
  4. හාදු... හාදු.....

    අනේ මන්ද මට දැන් කොයිල් වගේ

    ReplyDelete
    Replies
    1. මටත් දැන් කොයිල් වගේ .....

      Delete
  5. ඉදිරියට අපිට කියවන්න ලැබෙන ලස්සන කතාවක් වගේ දැනෙනවා. මැල්ලුම්ක රහක් වගෙත් දැණෙනවා. ලස්සනයි සඳවතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී... අපි බලමු .

      Delete
  6. ඩිසිප්ලීන් වලට රෙස්පෙක්ට් කරන එක වටිනවා :-D

    ReplyDelete
  7. කියෙව්වා හොඳේ... ඉතිරි කොටස් ඉක්මන්ට දාන්න හොඳේ.. මාත් ආසයි දෙමල සිංහල ලව් ස්ටෝරියකට

    ReplyDelete

පළමු අරවින්දය

නෙතු නුඹේ මුණගැසුණු ස්නේහයේ ක්ෂිතිජ ඉම සංසාර මඳ නලක පටලැවුණු සුසුම් රොද දුර පේන හීන කඳු වලට එපිටින් ඉගිල අද වාගෙමයි හෙට...