Tuesday, June 13, 2017

නුඹ , මම සහ අහස



හිඟ නොවුණු මතක
ඉඳහිට නෙතු තෙමනකොට
නුඹේ දෙනෙතින්  වහං වී
දුරකට පියඹන්න හිතුණට
පියාපත් නුඹගෙ වග
අමතකම වුණා මට.....

අහස්ගැබ වලාවන් 
නොමැතිවම අඬගැහුවට
තව ටිකෙන් වැසි  ඇවිදින් 
ගං දිය ගලයි දෙරණට
හිරු යළි ඒවි යයි
අමතකම වුණා මට.....

පණිවිඩ කියන කොවුලන්
 කැදලි තුළ ගුලි වී නිදනවිට
හිස් අහස උමතුව 
නුඹවම සොයා යනවට
සැක  නෑ මගෙන් විමසයි
අමතකම වුණා මට...  

2 comments:

  1. උදේම සඳවතියගේ
    බ්ලොගය මම බැලුවිට
    අහස, මම සහ නුඹ
    කියව යද්දී රහකට
    කවි පිළිතුරක් දෙන්න
    අමතකම වුණා මට......

    ලස්සනයි සඳවතිය....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී .......

      Delete

කවිය

වුවමනා පමණින්  වර්ණ ගැන්වූ ජීවිත හැඩතල අතර, හමා ගිය සුසුම්  වර්ෂාවට තෙමුණු , මගෙම නොවන, පෙර දිනකද නොවූ, පසුවද නොවන, ...