Friday, June 9, 2017

සුවඳ


නුඹ උදුරගත්  හීන
හෙට ඉඳන් මං ආයෙ
අලුතින්ම  වියනවා
පිස්නාවෙ  නූල් ඉහිරී යන්න
පිස දැමූ කඳුළු යළි
උනන්නට නොහැකි ලෙස
නෙතු අගුළු දමනවා
හිනාවෙන  මුහුණුවල
පිරුණු අනුකම්පාව
මිටට ගෙන නීලාවරෙයි
ලිඳට දමනවා
කොපුල් තල සිපගත්ත
උණුසුම් සුසුම් මතක
කීතු කර දවා අළු
 සුළඟෙ පා කරනවා
මඟහැරුණු තනිකමට
මිදුණු හිත බාරදී
අන්ධකාරයෙන් පිට
ලෝකයට එබෙනවා
මකන්නට නොහැකි ලෙස
ලඟ රැඳුණු නුඹෙ සුවඳ
හෙමින් සීරුවේ
හදවත පහුරු ගානවා.....





බ්ලොග් අඩවියක් ඇති බවත් අමතක වෙලා තිබුණෙ .... ඒ ගැන සමාවෙන්න ගොඩාරියක් ... කාර්යබහුලත්වයෙන් මිදිලා සඳවතිය ආයෙමත් බ්ලොග් අහසට පිවිසුණා ...


8 comments:

  1. එදා මම නුඹෙන් දුටු සිහින තව පෙනෙනවා
    බදා ගත් නුඹෙ සෙනේ තාම නෙත තෙමනවා
    සදා කල් දුර ගියත් සුවඳ තව දැනෙනවා
    මෙදා යළි නුඹ ළඟට එන්න හිත අඬනවා......

    ලස්සන පද ගැළපුමක් සඳවතීගේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී .... ඔබ වගේ අපූරුවට සතරපද ගලපන්න හැකියාවක් මටත් තිබුණා නම් කියලා හිතෙනවා

      Delete
    2. දුක්වෙන්න එපා සඳවතී. හතර පද නොගැළපුවත් සඳවතීගේ කවිකාරකම රසයි. නිර්මාණකරනය අපූරුයි. ඉතින් හතර පදම ඕන නෑ.

      ජයවේවා!!!

      Delete
  2. හොද වෙලාවට මතක් උනේ

    ReplyDelete
  3. Replies
    1. ස්තුතියි මිතිල

      Delete

කවිය

වුවමනා පමණින්  වර්ණ ගැන්වූ ජීවිත හැඩතල අතර, හමා ගිය සුසුම්  වර්ෂාවට තෙමුණු , මගෙම නොවන, පෙර දිනකද නොවූ, පසුවද නොවන, ...