Saturday, May 13, 2017

සොඳුරු හුදෙකලාව

      ජීවිතේ මහ ගොඩක් දිගයි කියලා මං පළමු පෝස්ටුවෙනුත් කිව්වා ..... ඒ දිගම දිග ජීවිත අහස් කුස සැරිසරන අතර සඳවතිය  හෙමින් සීරුවේ කල්පනාවට වැටුණා . අහසට ඈ සඳවතියක් වුණත් ඇය තවමත් පුංචි කෙල්ලක් ....  නිදා ඉන්න තරු පොකුරු අවදි නොකරම ඈ කල්පනා කලා..... කල්පනා කරන්න නම් සඳවතියට හුදෙකලා වෙන්නම ඕනෙ .
                             
   හුදෙකලාවට ඈ පුදුම විදිහට කෑදරයි. මල් පිපෙන ගසක් මුල, වැල් එතුණු පඳුරු ගොල්ලක් පාමුල, සුදු වැලි අතුල ගං තෙරක, හිරු බැසයන වෙලාවට වෙරළ සිඹින සිඳු රළ අතර හුදෙකලා වෙන්නට ඈ හරි මනාපයි .  හරිත වර්ණ වන පියසක, නෙලඹු විකසිත සොඳුරු උයනක, හෙමින් සැරේ ඇවිදින් කොපුල් තල සිප ගන්න මඳපවනට තුරුළු වෙලා හුදෙකලා වෙන්නට ඇත්නම් ඇයට අන් කිසිවක් ඕනෑ නැති තරම්.....
                                                          
 ඒත්  ඒවා නැතුවාට කාරි නෑ. මිතුරියන්ගේ දඟකාර සිනා හඬ අතරත්, බොජුන් හලක ප්‍රණීතම බොජුන් රස විඳින අතරෙත්, ප්‍රියතම ආචාර්යවරයාගේ දේශනයක් අතරතුරත්, බස් රථයේ කිටි කිටියේ සෙනඟ අතර හිරවෙලා ඉන්නකොටත් ඇයට හුදෙකලා වෙන්න පුළුවන් .  මේ නරක පුරුද්ද නිසාම ඇය බැනුම් අහපු වාර අනන්තයි. වැඩියෙන්ම අම්මාගෙන්. අම්මා දහසකුත් ප්‍රශ්න අහනකොට ඒ එකකටවත් පිළිතුරු නොදී අම්මාගේ මුහුණ දිහා බලා සිටීමයි හේතුව .  දැන් මතක්වෙනකොට හොඳටම හිනා ගියත් ඒ වෙලාවට නම් දැනෙන්නේ හරිම අසරණ බවක්.
   
ඉතිං අප්පේ ඔහොම බැනුම් අහගෙන හුදෙකලා වෙලා සඳවතිය ඔයහැටි මොනවද කල්පනා කරන්නෙ ? එහෙම අහන්නේ අහස...  කල්පනා කරන්න දේවල් ද නැත්තෙ ? සඳවතිය කල්පනා කරන්නෙ අහසයි පොළවයි එකතු කරන විදිහක්.... එතකොට සඳවතියට විල් දියට ඡායාව පතිත කරනවා වෙනුවට ජීවමානවම ඇවිදින් ජල ක්‍රීඩා කරන්නට  හැකිනොවෙද?  හ්ම්ම් ... ඒ පාර නම් අහස සඳවතියට  හොඳටම හිනාවෙනවා.හිනාවෙන්න ඉතිං ... ඇති තරම් හිනාවෙන්න .... ඒත් හුදෙකලාවට ආදරය කරන එක නම් නවත්තන්නෙ නෑ. කවුරු අමනාපකම් පෑවත් අපි දෙන්නගෙ යාළුකම සදහටම පවතීවි.
        හුදෙකලාව කියන්නෙ  වචනයෙන් විස්තර කළ   නොහැකි අමුතුම හැඟීමක් ....ඒක ආශ්වාදයක්... ඉසියුම් සංගීතයක්.... මුළු  ලෝකයම ඔයත් එක්ක නැති වෙලාවට පවා ඔයා ඔයත් එක්ක ඉන්න බවට ලොකු විශ්වාසයක් දැනෙනවා......  දුක හිතෙන වෙලාවල් වලදිත් , සතුටු හිතෙන වෙලාවල් වලදිත් ....  සමහර වෙලාවට  ඔයාට ඔයත් එක්කම කතා කරන්නත් සිද්දවෙනවා .  උදාහරණයක් ගත්තොත් විභාගයක්  හොඳටම ඇනුණ වෙලාවකදි මං මටම මෙහෙම කියාගන්නවා " කෙල්ලේ ,සඳා ඔය විභාගයක් කියන්නෙ මොකක්ද? විභාග තියෙන්නේ ෆේල් වෙන්න තමයි. යං කැන්ටිමට  මොනවාහරි බොන්න."  ඉතිං ඒක වෙලාවකට පිස්සුවක් වගේ දැනෙන්නත් පුළුවන් ....  ඒත් හැන්දෑවේ වැව් ඉවුරක ඉඳගෙන හුදෙකලාවේ නිහඬවම ඈත අහසෙ පාවෙන තඹපාට වලාවන් දිහා බලාගෙන ඉන්නකොට ඔයාට දැනේවි මුළු ලෝකයම තමන්ගේ පාමුල වග..... ඒ තමයි හුදෙකලාවේ මිහිර... ඒ ආනන්දනීය බව ජීවිතේ එකම එක වරක් හෝ විඳගන්නට පසුබට වෙන්න කිම්ද කාරණ ........?

13 comments:

  1. දුකක් ඇවිදින් කඳුලු පුරවා නෙතම රතුවට හැරවුණාවේ
    හිතක් මිහිරිම සතුටකින් නිති පිරී ඉතිරී සැනහුණාවේ
    කෙනෙක් දිවියක දුක සතුට ළඟ සැහැල්ලුවකින් හිනැහුණාවේ
    බරක් වන දිවි ගමන නිතරම රැඳෙන්නෙමි ප්‍රිය හුදෙකලාවේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී ගොඩාරියක් .... වෙනදා වගේම රසම රස කවියක් . මං වචන ගොඩකින් කියපු දේවල් දුමී එක කවියකින් කියලා....

      Delete
  2. හුදකලාව අප හැමෝගෙම මිතුරෙක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි මේ පැත්තේ ආවට.... අහසට බොහොම ආදරයෙන් පිළිගන්නවා ......

      Delete
  3. සඳවතිය දැනටමත් කර නැත්නම් මාතලන්ගේ සින්ඩිය , kottu.org , අටම්පහිය, වැනි සින්ඩි වලට මේ බ්ලොග් එක ඇතුලත් කරන්න

    ReplyDelete
    Replies
    1. ඔබතුමා වගේ බ්ලොග් ලොව දැවැන්තයෙකුගෙ බ්ලොග් අඩවියක මං වගේ වැලි කැටයක් ගැන සඳහන් කර තැබුවට ගොඩක් ස්තුතියි ඉයන්.... ඒ වගේම සින්ඩි ගැන දැනුවත්කිරීමක් කලාටත් ගොඩාරියක් ස්තුතියි ...

      Delete
    2. සඳවතිය මේ අවුරුදු දවස් වල කාල ටික මහත් වෙලා තමයි. ඒ දැවැන්තයෙන් නෙමෙයි. කොහොම හරි මේ මාසෙ ඩයට් කරලා අඩු කරගන්න ඕන. බ්ලොග් ලෝකෙ මම තාම අවුරුදු 2 ක විතර පොඩි එකෙක්.

      Delete
  4. නියමයි ... ඉයන් තමා පාර පෙන්නුවේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතිල මේ පැත්තේ ආවට....සඳවතිය නම් තාම බ්ලොග් වලට අලුත් . බොහොම ආදරයෙන් අහසට පිළිගන්නවා ....

      Delete
  5. ජය වේවා ..තීම් එක මාරු කළා නම් මරු ..කියවන්න ටිකක් අමාරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමුදු . සඳවතියගෙ අහසට ආදරයෙන් පිළිගන්නවා . තීම් එක ගැන දැනුවත් කලාටත් ස්තුතියි ගොඩාරියක් ....

      Delete
  6. සුපැතුම්

    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩාරියක් ..... ආදරයෙන් පිළිගන්නවා අහසට...

      Delete

කවිය

වුවමනා පමණින්  වර්ණ ගැන්වූ ජීවිත හැඩතල අතර, හමා ගිය සුසුම්  වර්ෂාවට තෙමුණු , මගෙම නොවන, පෙර දිනකද නොවූ, පසුවද නොවන, ...